සිරි සම්බෝධිය අවට පරිසරය සහ මහ පොලොව ප්‍රකෘතිමත් කර සිරි සම්බෝධිය සුවපත් කිරීම

    [bwsgooglecaptcha bwsgooglecaptcha-947]

    ඉවක් බවක් නොමැති වන විනාශයත්, සිය වසකටත් වඩා කාලයක සිට රශායනික පොහොර, වල් නාශක සහ කෘමිනාශක යනාදී රශායනික පොහොර, ඉහල කදු කරයේ තේ වගාවට මෙන්ම පහල වී වගාව ඇතුළු කෘෂි භෝග වගාවට යෙදීම නිසා අද වන විට ශ්‍රී ලංකාවේ මහ පොලොව මෙන්ම, ජල මුලාශ්‍ර, වැව් අමුණු දිය කඩිති සියල්ල වස විසෙන් පිරි ඇත. මහ පොලොව මෙන්ම එහි නිපදවන සියලු අහාර අද විස වීම නිසා මනුස්‍යයින් හදුනාගත නොහැකි රෝග වලින් පෙලේ. පිළිකාව, වකුගඩු ආබාද අද ජන සමජය බිලිගෙන ඇත.

    බෝමළුව හෙළ ගම’ ප්‍රදේශයත් එවැනිම වන විනාශයක් සහ රශායනික යෙදෙවුම් නිසා විනාශයට පත්ව ඇත. ඒ අනුව ඒ පරිසරයේ ඇති බෝධීන් වහන්සේලා ඇතුළු සියලු ගහ කොළ රෝගී වී ඇත. ‘සිරි සම්බෝධියත් මේ ආකාරයෙන්ම රෝගී වී ඇති හෙයින් ‘සිරි සම්බෝධිය’ සුවපත් කිරීම අපගේ ප්‍රථම සැලසුමයි. මේ සදහා සුදුසුම විසදුම මේ ප්‍රදේශයේ එදා බුදුන් දවස තිබු ස්වභාවික පරිසරය නැවත ගොඩනැගීමයි. මෙය පෙර දැරි කරගෙන අරියකම්මට්ඨාන බෝමළුව කේන්ද්‍ර කරගෙන ඒ වටා ප්‍රදේශයේ පාරම්පරික හෙළ ජීවන විද්‍යාවට පන පොවා ප්‍රදේශයේ මහ පොළොව, ජල මුලාශ්‍ර සහ ස්වභාවික පරිසරය සුවපත් කිරීමට මේ ‘බෝමලුව හෙළගම’ සංකල්පය දියත් කොට ඇත. මෙම අදහසට කිට්ටු ගම්මානයක් Aureville නමින් දකුණු ඉන්දියාවේ දැනට ස්ථාපිත වී ඇතත්, බෝමළුව ගම ඉන් ඔබ්බට ගොස් නිවන අරමුණු කොටගෙන ජීවත් වන යහපත් සමාජයක් බිහි කිරීම පරම අභිලාශය කොට ගෙන ඇත. ඒ සදහා බුදුන් දවස මේ ප්‍රදේශයේ තිබු සමාජය, මහ පොලොව, පරිසරය නැවත අවදිකිරීම නිවනට පෙර ඇති කරගත යුතු නිවැරදි පැවැත්ම යලි බිහි කිරීමකි.

    ගොවිතැන හා අස්වැන්න

    මෙහි ගොවිතැන් කරන්නේ පාරම්පරික හෙළ ක්‍රමවේදයන් අනුගමනය කරමින්ය. ඒ වගේම මෙහි භාවිතා කරන්නේ පාරම්පරික වී, එළවළු, පලතුරු සහ භෝග පමණක්ය. ඒ සදහා රට පුරා වනාන්තර වල ගොස්, දෙමුහුන් නොවූ පාරම්පරික බීජ සොයා ගැනීමත් ඉන්පසුව ඉදිරි කන්න සදහා ඒවා අප ගමේම නිෂ්පාදනය කිරීමත් මෙහි වෙසෙන වැසියන් විසින් සාමුහිකව කරන්නට නියමිතය. රශායනික පොහොර හෝ වෙනත් කිසිදු කෘමිනාශක, වල් නාශක යනාදී කිසිදු රශායනික යෙදවුම් කිසිවක් මේ ගමේ භාවිතා කරන්නේ නැත. කිසිදු ගොවිතැන් කටයුත්තකට ඉන්දන භාවිතයෙන් වැඩ කරන කිසිදු නවීන යන්ත්‍රෝපකරනයක් භාවිතා කරන්නනේද නැත. කුඹුරු සී සෑම, කමතේ කොළ පෑගීම යනාදිය සදහා යොදා ගන්නේත් අපේ පැරණි ක්‍රමයට අම්බරුවන් පමණකි. ගොවියෝ කුඹුරට බසින්නේ අමුඩය ගසා ගෙනය. කොට කලිසම්, ටී ෂර්ට්, තොප්පි, අව් කන්නාඩි මෙහි ගොවියෝ භාවිතා නොකරති.

    මෙහි පාරම්පරික හෙළ ක්‍රමයට ගොවිතැන් බත් කරන්න හැකි, ඒ පිළිබද හොද දැනුමක් ඇති හෙළ ගම රාල කෙනෙකු සහ ගම මහගේ කෙනෙකු මේ හෙළ ගොවිතැන මෙහෙයවන්නට නියමිතය. ගොවිතැන පටන් ගන්නට පෙර වල් නාශක සහ රශායනික පොහොර යෙදවුම් නිසා විනාශ වී ඇති ශුද්‍ර ජීවින් නැවත පොළොවේ ඇති කිරීම. කෘමින් නැවත ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය නව දළු ශාඛ රෝපණය, සහ රශායනික යෙදවුම් නිසාම වැව්, අමුණු, ඇල දොළ වල යනාදී ස්වභාවික ජල මුලාශ්‍ර වල ඇති විෂ සහ බැර ලෝහ යනාදිය පෙරනය කර ගැනීම සදහා ඉහත විෂ සහ බැර ලෝහ පෙරන ජලජ ශාඛ ජල මුලාශ්‍ර වල වගා කිරීම යනාදී සියුලු කාර්යන් සිදු කිරීමට නියමිතය. තරුණ පිරිසට ඒ ගම පවුලෙන් හෙළ ගොවිතැනත්, හෙළ සිරිත් විරිත් සහ ඉහත සඳහන් රශායනික යෙදවුම් නිසා විස වී රෝගීව ඇති මහ පොලොව සුවපත් කිරීමේ ක්‍රමවේද ඉගෙන ගැනීමට ඉඩ ප්‍රස්තාව ලබාදීමත් මෙහි ප්‍රධාන අරමුණක් වේ.

    ගොවිතැන පටන් ගන්නට පෙර වල් නාශක සහ රශායනික පොහොර යෙදවුම් නිසා විනාශ වී ඇති ශුද්‍ර ජීවින් නැවත පොළොවේ ඇති කිරීම. කෘමින් නැවත ගෙන්වා ගැනීම සදහා අවශ්‍ය නව දළු ශාඛා රෝපණය, සහ රශායනික යෙදවුම් නිසාම වැව්, අමුණු, ඇල දොළ වල යනාදී ස්වභාවික ජල මුලාශ්‍ර වල ඇති විෂ සහ බර ලෝහ යනාදිය පෙරනය කර ගැනීම සදහා ඉහත විෂ සහ බැර ලෝහ පෙරන ජලජ ශාඛ ජල මුලාශ්‍ර වල වගා කිරීම යනාදී සියුලු කාර්යන් සිදු කිරීමට නියමිතය.

    මෙහි වෙළද පොලක් නොමැත, වෙළද පොළ ආර්ථිකය පිටු දකින බෝමළුව හෙළගමේ ගොවි තැනෙන් ලැබෙන කිසිදු අස්වැන්නක් මුදලට නොවිකුනනු ලබයි. ගමේ වැසියන්ගේ පරිභෝජනයෙන් සහ ඉදිරියේදී ඉදි කිරීමට නියමිත 365 දවසේ ක්‍රියාත්මක වන දන්සලේ පරිභෝජනයට වඩා වැඩිවන සියලු එළවලු සහ පලතුරු ගමේ වැසියන්ට නොමිලයේ බෙදා දීම අපේ පරමාර්ථයයි. කැමති අයට එවැනි දේ නොමිලයේ ගෙන යාමට හැකිවන පරිදි ඒවා තැබිය හැකි විකුණන මුදලාලි කෙනෙක් නැති කුඩා කඩ පිලක් ඉදිරියේදී ගමේ කොනක ස්ථාපිත කිරීමට නියමිතය.

    මේ සදහා ආධාර කිරීමට කැමති පරිසරයට, ස්වාභවික සම්පත් සංරක්ෂණයට කැමති පින්වත් ඔබට හැකි පමණින් මේ සදහා දායක විය හැක. ඒ සදහා ඔබගේ මුල්‍ය ආධාරය පහත බැංකු ගිණුමට බැර කරන්න.

    බැංකු විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up