දඹදිව – ජඹු දීප

ජඹු දීපය වශයෙන් හැදින්වෙන භුමි කොටස ජඹුදීපය, දඹදීපය සහ දබදිව යන නම් වලින් විවිධ තැන්වලදී හැදින්වි ඇත. බුදුන් ඉපදීමට දේශය වශයෙන් තෝරා ගන්නේ මේ ජඹුදීපය නොහොත් දඹදිවයි. ඒ අනුව මේ ජඹුදීපය සහ ජන්බුද්දීපය වශයෙන් අර්ථකථනය වෙන්නේ එකම ප්‍රදේශයක් නොවේ. එහෙත් මේ වචන දෙකේ ඇති සමාන සබ්දය නිසා බොහෝ අය මේ වචන දෙක එකට පටලවා ගෙන ඒ එක ප්‍රදේශයක් ලෙසට අර්ථකතන කර ගෙන ඇත. මෙසේ සිතා කටයුතු කිරීමට යාම නිසා බොහෝ දෙනා ශ්‍රී ලංකාවේ එදා තිබුණු අභ්‍යන්තර දේශ සිමා වැරදියට තේරුම් ගෙන තිබේ.

ඒ අනුව ජන්බුද්දීපය යනු මහද්වීපයක් බවත් ජඹුදීපය නොහොත් දබදිව යනු දේශයක් පමනක් බවත් තේරුම් ගෙන මේ වචන දෙකෙන් හැදින්වෙන්නේ එක ප්‍රදේශයක් නොව මහාද්වීපයක් සහ ඒ තුල ඇති තවත් දේශයක් බව අවබෝධ කොටගත හොත්, ඒ මගින් බෞද්ධ ඉතිහාසයේ බොහෝ අපැහැදිලි තැන් පිළිබද නිවැරදි අවබොධයක් ලබා ගත හැක.

ජඹුදීපයට අයත් වන්නේ කැළණි ගගඟේ උතුරුට සහ මහවැලි ගඟෙන් බටහිරට ඇති ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, පුත්තලම, යාපනය, කිලිනොච්චි, මුලිතිව්, වව්නියා, මාතලේ යන දිස්තිර්ක්ක සහ මහනුවර සහ පොලොනරුව දිස්ත්‍රික්ක වල කොටසක් ඇතුළුව වන ප්‍රදේශයි.

පූජාවලිය රාජාවලිය වැනි පොත්වල සදහන් දඹදිව පැරණි නගර තිස් පහක් සහ එම නගර වල පිහිටීම බෝමැඩ සිට පිහිටි අකාරය දිසා පහකට බෙදා ඉතා පැහැදිලිව දක්වා ඇත. මේ සිතියමේ පෙන්වන්නේ එම පොත් වලට දිසා පහකට බෙදා ඒ නගර තිස් පිහිටීම දක්වා ඇති ආකාරයයි.

Scroll Up