අපේ ඉතිහාසය අපි නිවැරදි කරමු

අපේ ඉතිහාසය අපි නිවැරදි කරමු – බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වී ඇති ලොව විශාලතම ඉතිහාස විකුර්තිය හා පුරාවිද්‍යා වංචාව ලොවට හෙළි කර, නැවත වරක් අපේ ඉතිහාසයේ සත්‍ය තොරතුරු ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයන් භාවිතා කරමින් නැවත ලොව ස්ථාපිත කරන්නට “අපේ ඉතිහාසය අපි නිවැරදි කරමු” නම් ව්‍යාපෘතිය පෙළගැස්වූ ඔබ සැමට මෙයින් දැනුම් දෙමු. මේ ජාතික මෙහෙවරට අප සමග පෙළ ගැසෙන්නට කැමති සියලු දෙනාට, අපි මෙයින් ආරාධනය කරමු.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පියවර වන්නේ හෙළබොදු ඉතිහාසයේ සහ “ගොතම සමන” නම් වූ අප අවසාන තථාගතයන් වහන්සේ පිළිබඳ සත්‍ය තොරතුරු විද්‍යාත්මකව ගවේෂණය කර ජාත්‍යන්තරව පිළිගැනෙන පරිදි නීත්‍යානුකූල ලෙස ලොවට සනාථ කිරීමයි. ඉන් පසුව මෙහි දෙවන පියවර ලෙස ඉහත ගොතම සමන තථාගතයන් වහන්සේට පෙර, කකුසද, කෝනාගම, කාශ්‍යප බුදුවරුන්ගේ කාලයේ හෙළ ශිෂ්ටාචාරයේ සත්‍ය ඉතිහාස කරුණු අනාවරණය කර ගැනීමේ වැඩපිළිවෙළක්ද අනාගතයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතිය යුරෝපයේ “අරියකම්මට්ඨාන නම් අප සංවීධානය මගින් ක්‍රියාත්මක වේ.

අපගේ පරම අභිලාෂය වන්නේ, නොයෙකුත් වැරදි අර්ථකතනයෙන් නිසා වර්තමානයේ ලොවෙන් සැඟව ගොස් ඇති, හෙළ තථාගතයන් වහන්සේලා දේශනා කල වදාළ “පරම නිබ්බාන මග” නැවත ලොව ස්ථාපිත කිරීමයි. එහෙත් නිබ්බාන මග ලොවින් සැගව යාම හේතුවක ඵලයක් වන අතර එම ඵලය ඇතිවීමට මුලික වූ හේතුව සොයා එම හේතුන් ඉවත් කිරීම මගින් පමණක් නැවත නිබ්බාන මග ලොව ස්ථාපිත කිරීම කල හැකි බව, තථාගත දහමට අනුව අපගේ විශ්වාසය වේ. එබැවින් එම හේතුව සෙවීම සදහා අප කරන ලද ගවේශනයේදී ඒ සදහා හේතු භූත වී ඇත්තේ එම තථාගතයන් වහන්සේලාගේ නිවැරදි උපන් බිම, ජීවත් වූ කාලය, උන් වහන්සේලා භාවිතා කරන ලද භාෂාව පිළිබද සත්‍ය තොරතුරු සහ උන්වහන්සේලා නිබ්බාන මග දේශනා කිරීමට භාවිතා කරන අති විශේෂ වචනාවලිය වන “තථාගත වචන” වල නිවැරදි අර්ථය (නිවැරදි නිරුක්ති) අද ලොවින් අතුරුදහන් වී තිබීම බව අප විසින් මේ වන විට පැහැදිලිව තහවුරු කරගෙන ඇත.

එසේ අතුරුදහන් වීමට මුලිකම හේතුන් වන්නේ, නිබ්බාන මග දේශනා කල තථාගතයන් වහන්සේලාගේ ඉතිහාස තොරතුරු, උන්වහන්සේලා ජීවත් වූ ප්‍රදේශය, ජිවත් වූ නිවැරදි කාල වකවානුව සහ උන්වහන්සේලා භාවිතා කරන ලද භෂාවන් පිළිබඳ සත්‍ය තොරතුරු, බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඉන්දියන් උප මහද්වීපය පාලනය කල සිටි බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරීන් හා හමුදා නිලධාරීන් සමග එවක සිටි බටහිර ලේඛකයන් පිරිසක් විසින් (1800 -1950 වූ කාලය තුල) හිතාමතාම මක දමා ඒ වෙනුවට ඔවුන්ගේ සිතැගි පරදී නිර්මාණය කරන ලද විකුර්ති ඉතිහාසයක් සහ බුද්ධාගම නම් වූ ඇදහිලි සහ පුද පුජා මත පදනම් වූ අලුත්ම ආගමක් ලොව බිහි කිරීම හා එම විකුර්ති ඉතිහාසය සහ අලුත් දහම ඔවුන් විසින්ම ස්ථාපනය කරන්නට යෙදුන පාසල් අධ්‍යාපන ක්‍රමය මගින් අපගේ රටවල සමාජගත කිරීමයි. මේ හේතුවෙන් අපගේ භව උද්ද කරන බුද්ධ දහමත් ඒ බුදු වරුන්ගේ දේශයේ නිවැරදි ඉතිහාසයත් මේ වන විට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් ඇත. අප ඒ පිලිබදව ප්‍රමාණාත්මක විමසීමක් නොකර, තවමත් බටහිර ලේඛක පිරිසක් ඉගැන්වූ වැරදි ඉතිහාසයක් කරපින්නා ගෙන ජීවත් වෙමින්, ඉනුත් නොනැවතී ඒ වැරදි ඉතිහාසය පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය මගින් අනාගත පරම්පරාවටත් උගන්වමින්, ඒ බොරුවම තවදුරටත් සමාජ ගත කරමින් සිටි.

ඉහත තත්වය නිවැරදි විය යුතු බව අවබෝධ කොට ගත් අප සංවිධාන වල නිර්මාතෘවරුන්, මේ පිළිබද සත්‍ය ගවේෂණය කිරීම වස්, ඉන්දියාව, ශ්‍රී ලංකාව, ටිබෙටය, නේපාලය, මියන්මාරය, තායිලන්තය, පැරණි බැබිලෝනියා හා බැක්ට්රියා (ඉරානය, පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ පුරාණ සේද මාවත) ප්‍රදේශ වල, ඒ එක් එක් රටවල ඉතිහාසඥයන්, පුරා විද්‍යාඥයන් සහ අනෙකුත් ආගමික නායකයන් සමග දීර්ඝ ඉතිහාස අධ්‍යයනයක යෙදුනි. ඒ අනුව බුදු වරුන් ලෙස ලොව පිලිගත් ශ්‍රේෂ්ඨ ශාස්තෘ වරුන්ගේ සැබෑ ඓතිහාසික තොරතුරු අප විසින් දැන් සොයාගෙන ඇත. ඒ අනුව ශාක්‍යසිංහ, සක්‍යමුණි නම් බුදු වරුන් ලෙස එදා ඔවුන් සිටි ප්‍රදේශ වල පිළිගෙන තිබු නොයෙකුත් ශාස්තෘ වරුන්ගේ සහ “ගෞතම මුනි” නම් ජෛන මුනි වරයකූගේ චරිත එකතු කොට සිද්ධාර්ථ ගෞතම නම් මනක්කල්පිත චරිතයක් යුරෝපා ලේඛකයන් පිරිසක් විසින් ගොඩනගා ඇති බව අප දැන් තහවුරු කරගෙන ඇත. ඒවා ලොවට නිසි පරිදි හෙළි කිරීම සදහාත් තව දුරටත් ලොව බොරු පැතිරවීම නැවත්වීම සදහාත් අප විසින් පියවර ගත යුතුව ඇත. මෙම සත්‍ය කතාව ලොවට පැහැදිලි නොකර අපගේ පරම අභිලාශය වන නිබ්බාන මග ලොව පිළිගන්නා ලෙස ස්ථාපිත කිරීම ඉතා අපහසුය.

ඒ අනුව නිබ්බාන මග සමග එකට බැදී ඇති දීපංකර නම් වූ අප තථාගතයන් වහන්සේ සහ මනු රජුගේ සිට පැවැත ආ ඒ මහා තථාගතයන් සහ මහා සක්විති රජුන් උපන්, ජිවත් වූ ඒ ශ්‍රේෂ්ඨ හෙළ ශිෂ්ටාචාරය නැවත ගවේෂණය කොට ලොවම පිලිගන්නා ලෙස, නීතිමය හා විද්‍යාත්මක පදනමක් මත ලොවට හෙලි කිරීම අපගේ අද දවසේ යුතුකම ලෙස සලකා මේ කාර්යන් දෙකම, එනම් දහම සහ එම දහම දෙසූ තථාගතයන්ගේ ඉතිහාස තොරතුරු නිවැරදි කිරීම එකවර ඉටුකිරීම සදහා අප විසින් මේ මහා යුග මෙහෙවර දියත් කර ඇත.

එහි පළමු පියවර ලෙස දැනටමත් පහත කටයුතු ක්‍රියාත්මක කොට ඇත.

  • ඉතිහාසය විකුර්ති කරන ලද බ්‍රිතාන්‍ය ජාතිකයින්ට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරීම. ඒ මගින් ඔවුන් කල වරදට පොදු ලෝක ජනතාවගෙන් සමාව ගන්නා ලෙසත්, අපගේ ඉතිහාසය නිවැරදි කර ගැනීමට අපට අවශ්‍ය වන, යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයට ගෙන ගොස් ඔවුන් සන්තකයේ තවමත් තබාගෙන ඇති අපේ ඉතිහාස, තිපිටක ධම්ම සහ හෙළ අටුවා පොත් අපට නැවත ලබා දෙන ලෙසත් ඉල්ලමින් බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරීම.
  • ශ්‍රී ලංකාව තුළ තව දුරටත් අසත්‍ය ඉතිහාස තොරතුරු ඉගැන්වීම නතර කිරීම සදහා අවශ්‍ය වන නෛතික ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම.
  • “ගොතම සමන” බුදු හිමියන්ගේ සහ හෙලබොදු ඉතිහාසයේ සත්‍ය කරුණු ලොවට සනාථ කිරීම සදහා ජාත්‍යන්තර මට්ටමේ ඉතිහාස හා පුරාවිද්‍යා ගවේෂණයක් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පැරණි සේද මාර්ගය (පැරණි බැක්ට්රියා රාජ්‍යය) ආවරණය වන පරිදි සිදු කිරීම. (මෙම ගවේෂණය ශ්‍රී ලාංකීය, ඉන්දීය, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සහ ජර්මානු විද්‍යාඥ මණ්ඩලයක් මගින් සිදු කිරීමට සැලසුම කර දැනටමත් එහි මුලික පියවරවල් ගෙන ඇත).

මෙහි දෙවන පියවර ලෙස පහත සදහන් ලෙස දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක්ද සැලසුම් කොට ඇත;

  • අද ලොවෙන් අතුරුදහන් වී ඇති තථාගත වචන වල නිවැරදි අර්ථය දැක්වෙන අර්ථ කෝෂයක් සිංහල, ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායි සහ බුරුම භාෂා වලින් ප්‍රකාශයට පත් කිරීම.
  • යටත් විජිත සමයේ අපේ හෙල බිමෙන් යුරෝපයට ගෙන ගොස් දැනට බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි රටවල ඇති අපේ පැරණි පුස්කොළ, තබ, රිදී සහ රන්පත් පොත් (තිපිටක ධම්ම, හෙළ අටුවා, ඉතිහාස, වෙද සහ පෙරදිග විද්‍යා පොත්) වල ඩිජිටල් පිටපත් ලබාගෙන, ඒවා අවශ්‍ය සියලුම ගවේෂකයින්ට නොමිලයේ පරිශීලනය කිරීමට හැකි වෙන පරිදි, ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපිත කිරීම.
  • ක්‍රිස්තු පුර්ව පලවන සියවසේ හෝ ඊටත් පෙර හෙළ දිවේ හෙළ භාෂාවෙන් ග්‍රන්ථාරූඩ කරන ලද දැනට දිරා පත් වෙමින් තිබෙන ලොව පැරණිම තිපිටකය, සහ හෙළ අටුවා නැවත එංගලන්තයෙන් ලබාගෙන එය නිවැරදි අර්ථකතන සමග නැවත ප්‍රසිද්ධ කිරීම.
  • හෙළ ප්‍රකෘත සහ සුද්ධ මාඝධි භාෂා නැවත ගවේෂණය කර ගොඩනගා, එම භාෂා අධ්‍යනය කිරීම සදහා විශ්ව විද්‍යාල හෝ වෙනත් සුදුසු විද්‍යා පීටයක් බිහි කිරීම.
  • මේ ජිවිත කාලය තුලදීම නිබ්බාන මග අවබෝද කොට සසර ගමන නැවත් වීමට කැමති අයට නිබ්බාන මග පසක් කර දීම.
Scroll Up