පැරණි හෙළ භාෂාව නැවත ගොඩනැගීම

අප අද ලංකාවේ කතා කරන්නේ, අප ඈත අතීතයේ කතා කල පැරණි සිංහල භාෂාව නොවේ. අද අප කතා කරන භාෂාව ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි පාලි සංස්කෘත දෙමළ සහ මැලේ යන භාෂා සමග සංකලණය වූ දෙමුහුන් භාෂාවකි. නමුත් අපේ පැරැණිම හෙළ භාෂාව බුදු හාමුදුරුවෝ ධර්මය දේශනා කළ ශුද්ධ මාගධී භාෂාවට ඉතාම කිට්ටු භාෂාවකි. මෙම ශුද්ධ මාගධී භාෂාවට කිට්ටුම භාෂාව පැරණි සිංහල භාෂාව ලෙස සැලකීම නිවැරදිය.

එහෙත් අප දැනට සොයා ගෙන ඇති තොරතුරු වලට අනුව පසුකලක සංස්කෘත භාෂාවට සමානව ව්‍යාකරණ ඇතුලත් කර අලුතෙන් ගොඩනගන ලද පාලි භාෂාව නිසා බුදු හාමුදුරුවන් දේශනා කළ බුද්ධාවචන වල නිවැරැදි අර්ථයන් විකෘති වී තිබේ. ඒ වෙනුවට ඊට සමාන ශබ්ද ඇති සංස්කෘත භාෂාවේ වචන වල අර්ථය ආදේශ වී තිබේ. ඒ අනුව සංස්කෘත සහ පසුව ඇතිවුණු පාලි වචනවල අර්ථකථනයන්ගෙන් සහ බටහිර ආධිපත්‍යය නිසා පසුව අපට ලැබුණු පෘතුගීසි ලන්දේසි සහ ඉංග්‍රීසි වචන වල අනුසාරයෙන් සංස්කරණය වී අපි මේ අද කතා කරන දෙමුහුන් සිංහල ස්ථාපිත වී ඇති බව පෙනේ.

අපගේ භාෂාව මෙසේ දෙමුහුන් වීම නිසා පහත අපහසුතාවයන්ට අද මුහුණ දීමට සිදුව තිබේ.

  1. අපේ පැරැණි පුස්කොළ පොත් වල ඇති ඉතිහාස තොරතුරු හෙළ වෛද්‍ය විද්‍යාව තාක්ෂණය යනාදී දේ වර්තමාන පරම්පරාවට නිවැරදිව අර්ථකථනය කරගැනීමට නොහැකිවීම.
  2. බුදුන් දේශනා කළ නිවන් මග පැහැදිලිව අවබෝධ කොට ගැනීමට නොහැකිවීම සහ එම නිවන්මග වැනි සංකීර්ණ කාරණා එක භාෂාවකින් තවත් භාෂාවකට සිතින් පරිවර්තනය කරමින් තේරුම් ගැනීමට යෑම නිසා, එවැනි නිවන්මග වැනි කාරණාවක් තේරුම් ගැනීමට විශාල කාලයක් ගතවීම හෝ අපහසු වීම.
  3. අපගේ පුරාතන සෙල් ලිපි ටැම්ලිපි යනාදී අභිලේඛන කියවා ගැනීමට නොහැකිවීම.
  4. අනාදිමත් කාලයක් ඉපිද මැරි මැරී ඉපිද පැමිණීම හේතුවෙන් ආත්මය හුරු පුරුදු වී තිබූ පාරම්පරික ශබ්ද රටාවට සහ පාරම්පරික දැනුම් සම්භාරයෙන් අද ජීවත් වන වර්තමාන පරම්පරාව විසන්ධි වී, වෙනත් නුහුරු භාෂාවකින් කටයුතු කිරීමට යාම එම සමාජයේ කාර්යක්ෂම තාවය හීන වීම සහ සංසාර පුරුද්දෙන් එන උපන් හපන්කම් මොට වීම.

මෙම තත්ත්වයට ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකාවේ ස්වදේශිකයන් ද පත්වී තිබේ. ඔවුන්ට බලෙන් ඉංග්‍රීසි ඉගැන්වීමට යාම නිසා ඔවුන් මහත් සමාජ විෂමාචරයනට ගොදුරු වී ඇති බව නවතම පර්යේෂණ වලින් සොයාගෙන තිබේ. භාෂාවක් නැතිවීම රටක් ගොළු වීමක් ලෙස මෙම පර්යේෂකයෝ සදහන් කර තිබෙනවා. මේ අනුව සිව්හෙලයේ ජීවත් වූ ස්වදේශික ජනතාවත් රතු ඉන්දියන්වරු, ඇබ්රුජීනියන් මෙන්ම අද වන විට සම්පුර්ණ අනාත පරම්පරාවක් (a Lost Genration) බවට පත්වී හමාරයි. ගැටලුව වී ඇත්තේ අප පත් වී ඇති ඛේදනීය තත්වය පිළබදව ජනතාවට අවබෝදයක්වත් නොතිබීමයි. අද අපේ පාරම්පරික මව් භාෂාව කතා කරන්නවත් කියවන්නත් නොදනී. වැඩි දෙනෙකුට ඇත්තේ සිල්වා, සොයිසා, පෙරේරා, ප්‍රනාන්දු, කොස්තා යනාදී විදේශීය පෙළපත් නාමයන් ය. සිංහල පෙළපත් නාම ඇති අයටත් ඇත්තේ පසු කාලීනව ලබාගත් මුදියන්සේ, මුදලිගේ යන පසු කාලීනව ආදේශ කරගත් පෙළපත් නාමයන්ය. එසේ වී ඇත්තේ 18 වන සියවස වන තෙක් මාතෘ මුලික සමාජයක්ව පැවති සමාජයක් පිතෘ මුලික සමාජයක් බවට පත්කිරීමේදී පාරම්පරික පෙළපත් නාමයන් වෙනස් කර අලුත් පෙළපත් නාමයන් ආදේශ කර තිබීමය. මේ හේතුවෙන් සමාජයේ බොහෝ පිරිසක් වසර 200 කට වඩා වැඩි කාලයකයකට පෙර සිටි තම ආදීතම පරම්පරාව ගැන සුල මුල දන්නේ නැත. සුද්දන් විසින්ම ඇති කරන ලද කුල බේදය මෙම අලුත් පෙළපත් නාම සමග පටලාගෙන එම බේදය කර පින්නාගෙන සමාජයේ බොහෝ පිරිසක් හීනමානය සහ මහාමානය යන මානසික ව්‍යාධීන්ගෙන් පෙලේ.

මේ නිසා අපේ රටේ අද සමාජය එකිනෙකාට වෛර කරන පරපීඩක විකුර්ති මානසික තත්වයකට පත්ව ඇති අතර ඔවුන් දෛනිකව දිවි ගෙවන්නේ ආතතියෙන් සහ එකිනෙකාට ඊරිසියාවෙනි. මෙවන් රෝගී සමාජයක කිසිවකු හොඳ නරක, තම වගකීම් යුතුකම් හඳුනන්නෙත් නැත. මේ නිසා සමාජය බලාපොරොත්තු සුන් වූ පසුගාමී තත්වයකට පත්වී ඇත. මෙය යටත් විජිත ස්වදේශීය භාෂා නාසනයට ලක් වූ සෑම ජනකොටසකම දැකිය හැකි පොදු ලක්ෂණයකි.

මෙවන් මානසික ව්‍යාකූල සමාජයක් ඇති රටකට දියුණු විය නොහැක. තවද ද්වේශය, ඊරිසියාව, හීනමානය සහ මහමානය වැනි මානසික ව්‍යාධීන්ගෙන් පෙලෙමින් ජීවත් වීම නිසා මරණින් පසුවත් මොවුන් සතර අපායේම ඉපදීම මිස සුගති ගාමී වන්නේ නැත. මෙය මෙසේ මුළු සංසාරයේම අගතියට ගමන් කරන ඉතා භයානක තත්වයකි. මෙසේ අපව මේ අධිරාජ්‍යවාදින් තල්ලු කර ඇත්තේ මෙලොවත් පරලොවත් කෙලවරක් නොපෙනෙන ආගාදයකටය. මෙයින් ගොඩ ඒමට ඇත්තේ එකම විසඳුමකි. එය නම් අප සිරවී වහලෙකු බවට පත් වී සිටින මේ මානසික සිර ගෙදර බිඳ එයින් එලියට යාමයි. අප මෙන්ම මෙම අගාදයේ වැටි සිට සාර්ථකව එම ආගාදයයෙන් එලියට ආ ජන කොටස වන්නේ නම් යුදෙව් ජතිකයින්ය. අපට ආදර්ශයට ගත හැකි සාර්ථකම ජාතිය ඔවුන්ය.

එබැවින්, අප විසින් යුදෙව් ජාතිය මේ මහා ආගාදයෙන් ගොඩ ගිය ආකාරය ගැන හොදින් අධ්‍යනය කලා. ඔවුන් සමග සම්බන්ද වුනා. ඔවුන්ගෙන් උපදෙස් ලබාගත්තා. ඔවුන් පළමුව කර ඇත්තේ ඔවුන්ගෙ පාරම්පරික දැනුමට සහ උරුමයට නැවත සම්බන්ධ විය හැකි පාලම එනම් ඒ වනවිට සම්පුර්ණයෙන්ම ලොවෙන් අතුරුදහන්ව තිබු ඔවුන්ගේ පාරම්පරික භාෂාව වූ හීබ්රු භාෂාව නැවත ගොඩනගා ගැනීමයි. ඒ තම ජාන වල කිදා බස ඇති මව් භාෂාවෙන් නැවත සිතීමට සහ ලෝකය අවබෝධ කර ගැනීමට පටන් ගැනීමයි. ඉන්පසු ඒ මව් භාෂාව තුලින් ඔවුන් ඔවුන්ගේ පැරණි දැනුම සහ පාරම්පරික උරුමයට ඇති සම්බන්ධය නැවත ගොඩ නගා ගත්තා. ඔවුන්ට ජීවත් වීමට රටක් පවා අහිමිව සිටි ඔවුන්, 1948 අරාබියේ කාන්තාරයක පුංචි බිම් කොටසක් ලබාගෙන එහි අලුතෙන් පදිංචි වුනා. මේ කෙටි කාලය තුල ඒ මහා කාන්තාර බිම අද ඔවුන් ක්ෂේම භූමියක් බවට පත් කර හමාරයි. අද ඔවුන්ගේ නම ඇසු පමණින් ලෝකයේම ඇඟ කිලි පොලා යන මහා බලවතෙකු බවට ඔවුන් පත් වී හමාරයි. එහෙම නම් අපද ආදර්ශයට ගත යුත්තේ අපට ලේ නෑකමක් ඇති ඔවුන්වමයි.

ඔවුන්ව ආදර්ශයට ගනිමින් අද ඕස්ට්‍රෙලියාවේ ස්වදේශික ඇබ්රුජීනියන් ජනතාවත් තම පැරණි භාෂා නැවත ගොඩනැගීම ආරම්භ කර තියෙනව. මේ හේතුවෙන් විශාල මානසික පීඩාවකින් ජීවත් වූ බොහෝ ඇබ්රුජීනියන්වරු නැවත සතුටින් ජීවත් වෙන්න පටන් ගෙන තියෙනව. තම මව් භාෂාව නැවත කතා කරන්නට ලැබීමෙන් තම ආත්මයම සුවපත් වූ බව එක තරුණියක් පැවසූ බව සිව්හෙල භාෂාව නැවත ගොඩනගන්න අපට උදව් කරන ඊශ්‍රායල මහාචාර්ය තුමා මට පැවසුවා. දැඩි ආතතියට, මත් පැනට සහ නොයෙකුත් විෂමාචාර වලට ඇබ්බැහි වී සිටි බොහෝ ඇබ්රුජීනියන්වරු සතුටෙන් අලුත් ජීවිත ගත කරන්නට පටන් අරන්. ඔවුගේ සිත් සුවපත් වෙලා. ඒ ඇබ්රුජීනියන්වරුන්ට ඔවුන්ගේ භාෂා නැවත ගොඩනගන්න උදව් කරන විද්වතුන්ම අපට උදව් කිරීමට කැමැත්ත පල කිරීම අපේ වාසනාවක්.

ඒ අනුව අපේ පැරණි හෙළ භාෂාව නැවත ගොඩනැගීම අරියකම්මට්ඨාන සංවිධානයේ තවත් එක අරමුණක්.

Scroll Up