මගුල් සක්වල

පැරණි ග්‍රන්ථ වලට අනුව සක්වල කියන වචනය බොහෝ තැන්වල භාවිතා කර ඇති අතර සක්වලවල් සහ පිටසක්වල් විශාල ප්‍රමාණයක් පිලිබදව පැරණි පොත පතේ සදහන් වී ඇත. ඒ අනුව එදා ලෝකය බෙදීම් කල ආකාරයට අනුව අපි මේ ජීවත් වෙන පෘථිවිය ප්‍රධාන වශයෙන් සක්වලවල් හතකට බෙදී තිබී ඇත. ඒවා අධ්‍යනය කරගෙන යනකොට අපට පැහැදිලිවන්නේ ඒ සක්වලවල වල් වශයෙන් සැලකෙන්නේ විවිධ භූ තැටි බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ මගුල් සක්වල තුලයි.

මේ මගුල් සක්වල උතුරුකුරු දීපා, පුර්වවිදේහය, අපරගෝයානය සහ ජන්බුද්දීපය යනුවෙන් තවත් මහද්වීප හතරකට බෙදෙන අතර ඓතිහාසික පොත් වල කරුණු අධානයනය කරන විට, මේ මහද්වීප හතර බෙදෙන්නේ ඉන්දියන් භූ තැටියේ මාධ්‍ය ලක්ෂයේ සිට බව පැහැදිලි වේ.

අපේ ගෝතම බෝධිසත්වයෝ ඉපදීමට සුදුසු මහාද්වීපය ලෙස තෝරා ගන්නේ ජන්බුද්දීපය නැමැති මගුල් සක්වලේ දකුණින් ඇති මහද්වීපයයි. සියලු බුදුවරුන් ඉපදෙන්නේ මේ ජන්බුද්දීපයේ බව ඓතිහාසික පොත්පත්වල පැහැදිලිව සඳහන් කර ඇත.

Scroll Up