එංගලන්තයේදි ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ගය

එංගලන්තයේ පුස්තකාලවල ඇති අපේ ඉපැරණි පුස්කොළ පොත් වල පිටපතක් අපට ලබා දෙන  ලෙසත්, බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ ඉතිහාසය විකුර්ති කිරීම පිළිබඳව පොදු මහජතාවගෙන් සමාව ගන්නා ලෙස සහ විද්‍යාත්මක ගවේෂණයක් කර දැනට විනාශ වී ඇති සියලු පෞරාණික ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යන පිරිවැය දරන මෙන් ඉල්ලමින් අප සංවිධානය බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව නීතිමය පියවරක් ගැනීම 2020 ජනවාරි මස ආරම්භ කරන ලදී. ඉන්පසුව ආරම්භ වූ කොරෝන වසංගත තත්වය නිසා එය තාවකාලිකව ඇන හිටි අතර ඒ නීති කටයුත්ත නැවතත් අප විසින් 2021.04.24 දින සිට නැවත ආරම්භ කිරීමට යෙදුනා.

ඒ අනුව, බ්‍රිතානයේ පොදු රාජ්‍ය මණ්ඩලීය සහ විදේශ කටයුතු පිළිබද ලේඛම් වරයාට සහ අධ්‍යාපන ලේඛම් වරයාට විරුද්ධව නඩු පවරන ලෙස අප සංවිධානය විසින් බ්‍රිතාන්‍යයේ නීතිඥ සමාගමකට බාර දෙන ලදී.

ඒ අනුව අප විසින් අධාල වග උත්තර කරුවන්ට චෝදනා පත්‍ර භාර දුන් අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින මහා බ්‍රිතානයේ නීතිපති වරයා විසින් අපේ චෝදනාවට උත්තර දීමට ඔවුන්ට තවත් මාස දෙකක කාලයක් එනම්, 28.07.2021 දක්වා කාලය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

මෙම චෝදනා පත්‍ර ගොනු කර ඇත්තේ, 1998 බ්‍රිතාන්‍ය මානව හිම්කම් පනතේ අංක 9,10 සහ11 වන වගන්ති යටතේය.

Claim for Negligent Misstatement and Breach of Human Rights Act 1998;

  1. Breach of Article 9 of HRA 1998-Freedom of Thought, Belief and Religion
  2. Breach of Article 10 HRA 1998-Freedom of Expression
  3. Breach of Protocol 1, Article 2 – Right to Education
Scroll Up