අප සාමුහික උත්සාහය

අපගේ සාමුහික උත්සාහය වන්නේ ලොව මෙතක් සිදුව ඇති දැවැන්තම ඉතිහාසය විකුර්තිය සහ පුරාවිද්‍යා වංචාව හෙළි කර අපේ ඉතිහාසයේ සත්‍ය කරුණු ලොව පිළිගන්න ලෙස අනාවරණය කිරීමයි. අප විසින් දැනට හදුනාගෙන ඇති පරිදි ඉන්දීය උප මහද්වීපයේ 1800- 1950 කාලය තුල සිටි බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් විසින්  හිතාමතාම සිදු කොට ඇති මේ සාපරාධී ක්‍රියාව නිසා, අද ශ්‍රී ලංකාව නමින් හැදින්වෙන, ඈත අතීතයේ හෙළදිව හා සීව්හෙලය වශයෙන් හැදින්වුණ අපගේ මවු බිමේ ඉතිහාසයද ඉහත නිලධාරීන් විසින්  හිතාමතාම වෙනස් කොට (රටේ නම පවා සිලෝන් වශයෙන් වෙනස්  කර)  මිථ්‍යා ඉතිහාසයක් නිර්මාණය කර, එම මිථ්‍යා ඉතිහාසය පාසල් සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය මගින් අප රටේද සමාජ ගත කොට ඇත. ඔවුන් විසින් හිතා මතාම මෙම මිත්‍යාව පැතිරවීම වසර 1900 වසරේ සිට ක්‍රමානුකූලව ඔවුන් විසින් ම ස්ථාපිත කරන්නට යෙදුන පාසල් සහ විශ්වවිද්‍යාල මගින් සිදු කර ඇති බව අද අප පිළිගත හැකි සාක්ෂි ඇතුවම අනාවරණය කරගෙන ඇත.

මෙහි කණගාටු දායක තත්වය වන්නේ, දැනටද අප පාසල්වල උගන්වන්නෙත්, ඉගෙන්ගතෙත් එම මිථ්‍යා ඉතිහාසයි. අප තව දුරටත් මෙසේ මිථ්‍යාවක් හිස මත තබා ගෙන ජිවත් වනවාද, තව දුරටත් අපගේ අනාගත දූ දරු වන්ටත් මෙම මිථ්‍යාව විශ්වාස කරමින් ජිවත් වෙන්න ඉඩ හරිනවාද, නැතහොත් අප අපේ ඉතිහාසය නිවැරදි කර රටේ අනාගත පරපුර මේ මිථ්‍යාවෙන් මුදවනවා ද යන තීරණය ගත යුතු තීරණාත්මක අවස්ථාවට අප අද එලබ ඇත. ඒ අනුව අප හෙළබොදු ඉතිහාසය ලොවම නිත්‍යානුකුලව පිලිගන්නා ලෙස නැවත නිවැරදි කිරිමේ” කාර්යය දියත් කිරීමට අප සංවිධාන දෙකම එක්වී “අපේ ඉතිහාසය අපි නිවැරදි කරමු” යන ව්‍යාපෘතිය තුලින් මිත්‍යා ඉතිහාසය සමාජගත කල ආකාරයටම නිවැරදි ඉතිහාසය සමාජගත කිරීමත් කලයුතු බව අප හදුනාගෙන ඇත.

ඉතිහාසය නිවරදි වනවා යන්නෙන් අප බලාපොරොත්තු වන ඉලක්කයන් වන්නේ;

  • ශ්‍රී ලංකාවේ පාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල වල ඉතිහාස විෂය මාලා නිවැරදි වී සත්‍ය ඉතිහාසය උගන්වන තත්ත්වයට පත්වීම.
  • පැරණි හෙළ ශිෂ්ටාචාරය සහ ගොතම බුදු හිමියන්ට අදාල ඉතිහාස ගත කරුණු සහ බෞද්ධ ධර්මය හා සංස්කෘතිය යනාදී විෂයන් දැනට උගන්වන ලෝකයේ වෙනත් රටවල විශ්වවිද්‍යාල එම අදාළ විෂය නිර්දේශයන් වෙනස් වී, එම ආයතන වලත් මෙම සත්‍ය ඉතිහාස ගත කරුණු ඉගැන්වෙන තත්වයට පත්විම.
  • දැනට පිළිගෙන ඇති අපේ පැරණි ඉතිහාස ග්‍රන්ථයන් වන මහා වංශය හා දීපවංශය යනාදී පොත්වල දැනට ලංකාවේ භාවිතා කරන වැරදි අර්ථකථනයන්, එනම් මුල් පුස්කොළ පොතේ නොමැති සහ මුල් පොතට පරස්පරව තොරතුරු ඇතුලත් කරමින් 1980 දී පමණ යාවත්කාලීන කරමින් ප්‍රසිද්ධ කර ඇති “වැරදි පොත්” තහනම් කොට නැවත මුල් පුස්කොළ ඇසුරෙන් නිවැරදි අර්ථකථනයන් කර එම ග්‍රන්ථ යාවත්කාලීන කිරීම.

අප මෙම කාර්ය දියත් කිරීමට පෙර මෙම නිවැරදි කිරීම් කිරීමට යම් සමාජ ක්‍රියාකාරීන් හා විද්වතුන් කල කාර්ය භාරය අප විසින් අධ්‍යනය කල යුතුය. අපගේ සොයා ගැනීම් වලට අනුව, ලංකාවේ අප සම්මතයේ පිළිගන්නා ඉතිහාසය වැරදි බව මීට වසර 30 කටත් අධික කාලයක සිට නොයෙකුත් විද්වතුන් සොයා ගෙන සිට ඇති අතර ඔවුන් විසින් මෙය නිවැරදි කිරීම සදහා නොයෙකුත් උත්සාහයන්ද දරා ඇත. එහෙත් එම විද්වතුන්ට මේ දක්වා මෙම කාර්ය සාර්ථකව කර ගැනීමට නොහැකි වී ඇත. මෙම පිරිසිදු සත්‍ය සනාත කිරීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඓතිහාසික සාක්ෂි හා තොරතුරු තිබියදීත් මේ විද්වතුන්ට මෙම ඉතිහාස කතාව ලොව පිලිගන්නා ලෙස නිවැරදි කිරීමට නොහැකි වුයේ මක්නිසාද යන්න පිලිබදව සෙවීම සදහා අපගේ මේ සංවිධානයේ නිර්මාතෘ වරුන් විසින් දීර්ඝ අධ්‍යනයක යෙදුනි. එම අධ්‍යනයෙන්, ඉහත අසාර්ථක වීමට මුලික වී ඇති හේතුන් බොහොමයක් සොයා ගෙන ඇත.

ඉහත සදහන් ඉලක්කයන් සහ මේ ඉතිහාසය නිවැරදි කිරීමට උත්සාහ දරන අයගෙන් සිදුව ඇති ඉහත අඩුපාඩු හදුනා ගැනීමෙන් අනතුරව, අප විසින් මෙම ගැටලුවට විසදුම් සෙවීම සදහා නොයෙකුත් විද්වතුන් හා නීතිවේදීන් සමග දිර්ඝ සාකච්චා වට ගනනාවක් පවත්වන ලදී. එසේ කරන ලද දීර්ග පසුබිම් අධ්‍යනයකින් සහ නොයෙකුත් ජාත්‍යන්තර විද්වතුන්ගෙන් ලබා ගන්නා ලද විද්වත් උපදෙස් වලට අනුව අප විසින් මෙම ඉතිහාසය නිවැරදි කිරීමේ කාර්ය සාර්ථක කර ගැනීම සදහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පහසුවෙන් කල හැකි ඉතාමත් උචිත පියවරවල කීපයක් හදුනා ගන්නා ලදී. ඒවා පහත පරිදි වේ.

එහි පළමු පියවර ලෙස;

  • ඉතිහාසය විකුර්ති කරන ලද බ්‍රිතාන්‍ය ජාතිකයින්ට විරුද්ධව මහා බ්‍රිතාන්‍ය අධිකරණයේ, ඔවුන් කල වරදට පොදු ලෝක ජනතාවගෙන් සමාව ගන්නා ලෙසත්, අපගේ ඉතිහාසය නිවැරදි කර ගැනීමට අපට අවශ්‍ය වන, ඔවුන් විසින් බ්‍රිතාන්‍යයට ගෙන ගොස් තබා ගෙන ඇති අපේ ඉතිහාස, තිපිටක ධම්ම සහ හෙළ අටුවා පොත් අපට නැවත ලබා දෙන ලෙසත් ඉල්ලමින් බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩු පැවරීම.
  • ශ්‍රී ලංකාව තුළ තව දුරටත් අසත්‍ය ඉතිහාස තොරතුරු ඉගැන්වීම නතර කිරීම සදහා අවශ්‍ය වන නෛතික ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීම.
  • හෙළ ශිෂ්ටාචාරයේ සහ හෙළ තථාගතයන් වහන්සේලාගේ සත්‍ය ඉතිහාස කරුණු ලොවට සනාථ කිරීම සදහා ජාත්‍යන්තර මට්ටමේ ඉතිහාස හා පුරාවිද්‍යා ගවේෂණයක් ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, පැරණි සේද මාර්ගය (පැරණි බැක්ට්රියා රාජ්‍යය) ආවරණය වන පරිදි සිදු කිරීම. (මෙම ගවේෂණය ශ්‍රී ලාංකීය, ඉන්දීය, පකිස්ථාන, ඇෆ්ගනිස්ථාන සහ යුරෝපා විද්‍යාඥ මණ්ඩලයක් මගින් සිදු කිරීමට කටයුතු දැනටමත් මුලික පියවරවල් ගෙන ඇත).

දෙවන පියවර ලෙස පිරිසුදු තථාගත ධර්මය නැවත ලොව ස්ථාපිත කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ලෙස ;

  • අද ලොවෙන් අතුරුදහන් වී ඇති තථාගත වචන වල නිවැරදි අර්ථය දැක්වෙන අර්ථ කෝෂයක් සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, ජර්මන්, ප්‍රංශ, තායි සහ බුරුම භාෂා වලින් ප්‍රකාශයට පත් කිරීම.
  • යටත් විජිත සමයේ අපේ හෙල බිමෙන් යුරෝපයට ගෙන ගොස් දැනට බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි රටවල ඇති අපේ පැරණි පුස්කොළ, තබ, රිදී සහ රන්පත් පොත් (තිපිටක ධම්ම, හෙළ අටුවා, ඉතිහාස, වෙද සහ පෙරදිග විද්‍යා පොත්) වල ඩිජිටල් පිටපත් ලබාගෙන, ඒවා අවශ්‍ය සියලුම ගවේෂකයින්ට නොමිලයේ පරිශීලනය කිරීමට හැකි වෙන පරිදි, ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපිත කිරීම.
  • ක්‍රිස්තු පුර්ව පලවන සියවසේ හෝ ඊටත් පෙර හෙළ දිවේ හෙළ භාෂාවෙන් ග්‍රන්ථාරූඩ කරන ලද දැනට දිරා පත් වෙමින් තිබෙන ලොව පැරණිම තිපිටකය, එංගලන්තයෙන් නැවත ලබාගෙන එය නිවැරදි අර්ථකතන සමග නැවත ප්‍රසිද්ධ කිරීම.
  • හෙළ ප්‍රාකෘත සහ සුද්ධ මඝාධි භාෂා නැවත ගවේෂණය කර ගොඩනගා, එම භාෂා අධ්‍යනය කිරීම සදහා විද්‍යාපීඨයක් බිහි කිරීම.
  • මේ ජිවිත කාලය තුලදීම නිබ්බාන මග අවබෝද කොට ගැනීමට කැමති අයට නිබ්බාන මග පසක් කරදීම.
Scroll Up