සිව්හෙලය

මගුල් සක්වල දකුණින් ඇති ජන්බුද්දීපය නම් මහද්වීපය තවත් දීප හතරකට බෙදී තිබී ඇත. මෙම තොරතුරු රාජාවලිය, පුජාවලිය වැනි සංස්කරණය නොකරන ලද මුල් පුස්කොල පොත් කියවන ඕනෑම කෙනෙකුට හොදින් පැහැදදිලි වේ.

අද ශ්‍රී ලංකාව නමින් හැදින්වෙන දිවයින එක රාජ්‍යක් වන්නේ 1815 දිය, ඊට පෙර මේ දිවයින එක රාජ්‍යක් ලෙසින් පැවත නැත. අද ශ්‍රීලංකාව ලෙස හැදින්වෙන දිවයින බුදුන්ගේ කාලයේ ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් රාජ්‍යන් හතරකට කට බෙදී තිබී ඇත. මේවා ප්‍රධාන දීප හතරක් ලෙසින් වෙනම රාජ්‍යන් හතරක්ව පැවත පාලනය වී ඇත. එදා සිව් හෙළය ලෙසින් හැදින්වී ඇත්තේ මේ ප්‍රධාන දීප හතරයි.

මේ සිව්හෙලය යන නම නිර්මාණය වී ඇත්තේ මේ දිවයිනේ ඇති බෞමික ස්වභාවය නිසාය. එනම් එදා හිමවත ලෙසින් හැදින්වුන ඉහල කදුකරයේ මහ එලි තැන්න සානුවේ පිහිටි අනෝතත්ත විලෙන් පටන් ගෙන විටෙක පොලොව අභ්‍යන්තරයෙන්ද විටෙක පොලොව මතුපිටින්ද මුහුදට ගලායන අද මහවැලි, කැළණි, වලවේ කළු යන නම් වලින් හැදින්වෙන ගංඟා හතරින් සහ මුහුදෙන් මායිම් වී ස්වාභාවික ජලයෙන් වටවී නිර්මාණය වී ඇති දීප හතර නිසාය.

මෙම අපුරු ස්වභාවික නිර්මාණය, ඉහල කදුකරයේ සිට පහල මුහුද දක්වා ඇත්තේ කදු බෑවුම් හතරක් නොහොත් හෙල් හතර ජඹු දීපය, කුරු දීපය, ගිරි දීපය නමින් නම් වී තිබී ඇත. මේ දීප හතරේ එකතුවට සිව් හෙළය යන නම පටබැදුන අතර මේ හෙල් බැවුම් හතරේ ජීවත් වන වැසියෝ හෙළයෝ වශයෙන් හදුන්වා ඇත.

ඒ අනුව අද ශ්‍රී ලංකාව යනුවෙන් හදුන්වන දිවයිනට සිව් හෙළය යන නම ලැබුනේ ඉහල කදුකරයේ සිට මුහුද දක්වා ස්වාභාවිකව නිර්මාණය වුනු ස්වභාවික හෙල් හතර නිසා මිස එහි ජීවත් වූ ගෝත්‍ර හතරක් නිසා නොවේ. මේ හෙල් හතරේ ගෝත්‍ර හතරක නොව ප්‍රධාන වසයෙන් ගෝත්‍ර, දේව, යක්ඛ සහ නාග වශයෙන් ප්‍රධාන ගෝත්‍ර තුනකද, ඒවායේ බිදුණු තවත් අනු ගෝත්‍ර ගණනවක් සහජීවනයෙන් මේ සිව් හෙළයේ ජීවත් වී ඇත. එසේ විවිධ ගෝත්‍ර ගනානාවකට අයත් වූ වැසියෝ පොදුවේ හෙළයෝ නමින් හැදින්වුනේ, භුමියේ බෞමික ස්වභාවය නිසා රටට පටබැදුණ නම එරට වැසියන්ට පටබැදුනු නිසාවෙනි. නොමැතිව වැසියන්ගේ ගෝත්‍ර නම් වලින් භූමියට නම පටබදුනේ නැත.

Scroll Up