දන්සැලේ දාන සීට්ටුව

බෝමළුව හෙළගම පරිශ්‍රයේ, වසරේ 365 දවසේම නොකඩවා පැවැත්වෙන දන්සැලේ දානයක් වෙන්කර ගෙන, මහත් වූ ආනිසංශ ඇති මේ මහඟු පින්කමට දායක වෙන මෙන් ඔබට ආරාධනා කරන්නේ මහත් වූ පින් සිතිනි. මේ මහා දානමය පිංකම ඔබගේ මියගිය ඥාතින්ට පින් පිණිස ඔවුන්ට කල හැකි ඥාති කෘත ගුණ සැලකීමකි.

අරියකම්මට්ටාන සංවිධානයේ “හෙළ බොදු බලකාය සහ සොබාදහමේ මිතුරෝ” විසින්, නොකඩවා පවත්වන මේ දැන් සැල මඟින්, බෝමළුව වඳීන්නට ඈත එපිටින් පැමිණෙන සැදැහැවතුන්ට තුන් වේලටම දන් සපයන්නටත් වගේම අසල් වැසි ජනතාවට මෙන්ම අසල වැසි පාසල් ළමුන්ට උදේ සහ දිවා අහාරය දන් දීමත් සිදු කරනු ලබයි.

ජාති ආගම් කුල යනාදී කිසිදු බේදයකින් තොරව පැමිණෙන සැමගේ කුස ගින්න නිවන්නට වෙහෙසීම මේ දන්සැල මෙහෙයවන “අරියකම්මටාන හෙළ බොදු බලකායේ සහ සොබාදහමේ මිතුරන්ගේ ” එකම අරමුනයි.

සම්පූර්නයෙන්ම නිර්මාන්ශී අහාර වේලක් සපයන මේ දන්සැලේ සියලු ව්‍යංජන සැකසෙන්නේ වස විසෙන් තොර සොබවිකව ප්‍රදේශයේ වැවෙන එළවලු පලා වර්ග වලින් පමණි. බත සැකසෙන්නේ සුවදැල්, කළු හීනටි වැනි අපේ පැරණි හෙළ හාල් වලිනි.

දන්සැල ආරම්භ වන්නට පෙර උදේ, දහවල දානය සහ සවස ගිලන්පස බුද්ධ පුජාව පැවැත්වීම සිදු කෙරෙන අතර එදින දන්සැලේ දාන සීට්ටුව භාරගෙන දානයට දායක වූ පින්වතුනටත්, ඒ පින්වතුන්ගේ මියගිය ඥාතීන්ටත් පින් දීම සිදු කරනු ලැබේ.

මේ දැන්සැලේ දාන සීට්ටුවේ වියදම පහත පරිදි වේ.

උදේ දානයක් රු. 12000
දහවල් දානයක් රු. 25000
හවස ගිලන්පස සහ රාත්‍රී භෝජනය රු. 6000
මුළු දිනයක වියදම රු. 43000

 

දානයක් දීම සඳහා ඔබට පහසු පරදි දිනයක් වෙන් කර ගැනීම සදහා

ශ්‍රී ලංකාවේ

  • මාලින්ද පටබැඳි – +94 70 255 6052
  • ප්‍රියන්ත කාරියවසම් – +94 77 287 7130

යන අය හෝ

  • කොරියාවේ – ක්‍රිශාන්ත ගැටමාන්න – +82 10 5852 9674
  • ඉතාලයේ – ප්‍රේමචන්ද්‍ර හෙට්ටිආරච්චි – +39 329 574 8658
  • එංගලන්තයේ – ස්වර්ණා රටේරාළ +44 75 8499 0017

යන අයගෙන් එක් අයෙක් අමතන්න.
ඊට අමතරව පහත ඊ මේල් ලිපිනයෙනුත් අප හා සම්බන්ධ විය හැක. dhana@ariyakammattana.org

Scroll Up