අරියකම්මට්ඨාන

“අරියකම්මට්ඨාන” ශ්‍රී ලංකාවේ හෙළ බොදු අක් මුල් ඇති ලොව වටා වසන බෞද්ධයන් පිරිසක් විසින් ස්ථාපිත කොට ශ්‍රී ලංකාවේ මෙන්ම යුරෝපයේ ලියාපදිංචි කර ඇති ස්වේච්ඡා සංවිධානයකි. මෙම සංවිධානය යුරෝපයේ ජීවත් වන ශ්‍රී ලාංකීය ථේරවාද බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වන පුජ්‍යපාද යුරෝපයේ කේ. අරියමග්ග හිමියන්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන අතර මෙය වෙනත් කිසිදු සංවිධානයකට හෝ ආයතනයකට නොබැදුණු ස්වාධීන සංවිධානයකි.

මෙම සංවිධානය ලාභ නොලබන රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධානයක් වන අතර කිසිම දේශපාලන මතයක් හෝ වෙනත් කිසිදු ජාතිවාදී හෝ වර්ගවාදී අදහසක් නොදරන, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ වෙනත් කිසිදු අන්තවාදී අදහස් දරන කණ්ඩායමකට පකෂපාතිව කටයුතු නොකරන, සියලු ලෝක පුරවැසියන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් අගයන හා ආරක්ෂා වෙන පරදි කටයුතු කරන සාමකාමී, නිදහස් හා නොබැදුණු සංවිධානයකි.

මෙම සංවිධානයේ සියලු කටයුතු සියලු සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය සහ ස්වාභාවික පරිසරය ආරක්ෂා වෙන පරිදි සියලු සත්වයන් කෙරේ ඇති අපරිමිත සම මෙත පෙරදැරිව ක්‍රියාත්මක වන ලෝකයේ පිළිගත් නිතී රීති වලට අනුකූලව පමණක් කටයුතු කරන පරම අවිහින්සාවාදී ආයතනයකි.

මෙම සංවිධානයේ මුලික අරමුණ වන්නේ ලොව පිළිගන්නා ලෙස තථාගතයන් වහන්සේලා විසින් දේශනා කල නිබ්බාන මග නැවත ලොව ස්ථාපිත කිරිමත්, ඒ මගින් ලෝවැසි සියලු දෙනාට නිබ්බාන අවබෝද කොට ගෙන මේ සසර දුකින් මිදීමට මග හෙළි පෙහෙළි කරදිමයි. එහෙත් එම පිරිසිදු නිබ්බාන මග ලොවට නැවත පැහැදිලිකර දෙන්නට නම්, එම නිබ්බාන මග ලොවින් වැසි ගිය හේතුන් සොයා එම හේතු ක්‍රමානුකූලව නිවැරදි කිරීම හෝ ඉවත් කිරීමේ විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යතාවය වන බවද එසේ නොකළහොත් පිරිසිදු  නිබ්බාන මග ලොව නැවත ඉස්මතු කරන්න නොහැකි බවද  පැහැදිලිව හදුනාගෙන ඇත.

ඒ අනුව දැනට ලොවෙන් වැසීගොස් ඇති තථාගත භෂාව, තථාගත වචන වල නිවැරදි අර්ථය සෙවිමට මහත් වෙහසක් දරමින් සිටින අපට, එම තථාගතයන් වහන්සේලාගේ සත්‍ය ජන්ම භුමිය, උන්වහන්සේලා ජීවත් වූ නියමිත කාල වකවානුව සහ උන්වහන්සේලා ජීවන්ව සිටි කාලයේ එම දේශයේ භාවිතා කල භාෂාව නැවත සොයා ගෙන ඒවා වර්තමාන ලොව පිළිගන්නා පරිදි ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව තේරුම් ගෙන ඇති මෙම සංවිධානය, ඒ මෙහෙවර ඉටු කිරීමට “අපේ ඉතිහාසය අපි නිවැරදි කරමු” යන ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි.

ලෝකයේ ජීවත් වන ඕනෑම පුරවැසියකුට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකි වන අතර අප අපගේ සංවිධානයේ අරමුණු වලට එකගව ඒවා ඉටුකර ගැනීමට අපට සහයෝගය දක්වන්නට කැමති සියලු දෙනාට, කිසිදු බේදයකින් තොරව මෙහි සාමාජිකත්වය ලබාදීමට බලාපොරොත්තු වේ. ලෝකයේ ජීවත් වන ඕනෑම පුරවැසියකුට මෙහි සාමාජිකත්වය ලබා ගත හැකි වන අතර අප අපගේ සංවිධානයේ අරමුණු වලට එකගව ඒවා ඉටුකර ගැනීමට අපට සහයෝගය දක්වන්නට කැමති සියලු දෙනාට, කිසිදු බේදයකින් තොරව මෙහි සාමාජිකත්වය ලබාදීමට බලාපොරොත්තු වේ.

මේවන විටත් අරියකම්මට්ඨාන සංවිධානය විසින් බ්‍රිතාන්‍ය යටත් විජිත රජය 19 වන සියවසේ කල බෞද්ධ ඉතිහාස විකුර්තිය ලොවට හෙළි කර දැක්වීම සදහා බ්‍රිතාන්‍ය රජයට විරුධව එංගලන්තයේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇත. නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේද එවැනිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අපේක්ෂා කෙරේ.

මිට අමතරව බුදුන්ගේ සතර ස්ථාන කේන්ද්‍ර කරගෙන නව පුරාවිද්‍යා ගවේෂණයක් කිරීමටත් ඉන්පසුව අවශය පරදි දැනට ලොවෙන් වසන් වී ඇති එම සතර ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් අප විසින් සැලසුම් යොදමින් සිටි.

Scroll Up