නාග ලෝකය

එදා නාග ලෝකය යනුවෙන් හදුන්වා ඇත්තේ මේ සිතියමේ දැක්වෙන පරිදි වන ගිනිකොන වෙරළේ ඇති, හැඩ ඔය සහ මැණික් ගඟ අතර මුහුදුබඩ ප්‍රදේශයයි. බුදුන් වැඩි කල්යාණි සහ නාගදීපය යන ස්ථාන දෙකම පිහිටා ඇත්තේ මේ නාග ලෝකය නමින් හැදින්වූන ජාත්‍යන්තර නාවික වෙළද කලාපයේයි. තවද අප බුදුහාමුදුරුවෝ සිරි පතුල තැබූ සමන්ත කූඨය පිහිටා ඇත්තේත් මේ නාවික වෙළද කලාපය ආසන්නයේ ඊට වයඹ දෙසින්ය.

එදා සංගමිත්තා තෙරණිය දක්ෂිණ බෝධි සාඛාව වැඩමවන විට, ඒ නැව අතරමඟ නවනවතා ගෙන පුද පුජා පවත්වා ඇත්තේ මේ නාග ලෝකය නම් වූ නාවික වෙළද කලාපයේය. නාග වශයෙන් එදා හදුන්වා ඇත්තේ නාවික කර්මාන්තයේ නියැලෙන ජන කොටසක් මිස සර්පයන් නොවේ. ඔවුන්ගේ රට මැද ගංඟා වල සහ මුහුදේ දුපත් ආශ්‍රයෙන් පිහිටුවා තිබී ඇති නාවික මධ්‍යස්ථාන නාග දීප වශයෙන් හදුන්වා ඇත. මෙවැනි නාග දීප (Naval Base) විශාල ප්‍රමාණයක් රට මැද ගංඟා අශ්‍රිතව සහ ගොඩබිමට ආසන්න මුහුදේ ඇති දුපත් ආශ්‍රයෙන් පිහිටුවා තිබී ඇත.

Scroll Up