පුස්කොල පොත් ඩිජිටල් ලේඛනාගාරය

පැරණි ග්‍රන්ථවල ඩිජිටල් පිටපත් ලබාගෙන ඒවා අවශ්‍ය සියලුම විද්වතුන්ට කියවීමට හැකි වන පරිදි ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපිත කිරීම මේ සංවිධානයෙන් ඉදිරි අරමුණකි.

අප අප විසින් දැනට බ්‍රිතාන්‍යයේ පුස්තකාල හතරකත්, ඩෙන්මාර්කයේ සහ ප්‍රංශයේ පුස්තකාල දෙකකත් බටහිර යටත්විජිත සමයේ ලංකාවෙන් රැගෙන ගිය පුස්කොලපොත් දහ දහසකට කට වඩා ප්‍රමාණයක් සොයාගෙන ඇත. මෙම පුස්කොළ පොත් අතර 4 වෙනි සංගායනාවේදී ලංකාවේ ග්‍රන්ථාරූඪ කරන ලද පැරණිතම හෙළ තිපිටකය, හෙළ වෛද්‍ය විද්‍යාව, හෙළ තාක්ෂණය, නක්ශාස්ත්‍ර යනාදී පැරණි දැනුම් සම්භාරයක් ඇති ග්‍රන්ථ ඇතුලත් වේ.

ඒවා රන්, රිදී, තඹ  සහ පුස්කොල පත්වල ලියා ඇත.

ඉහත පැරණි ග්‍රන්ථවල ඩිජිටල් පිටපත් ලබාගෙන ඒවා අවශ්‍ය සියලුම විද්වතුන්ට කියවීමට හැකි වන පරිදි ඩිජිටල් පුස්තකාලයක් ස්ථාපිත කිරීම මේ සංවිධානයෙන් තවත් ඉදිරි අරමුණකි. තවද තිපිටකය වැනි පොත් නැවත පුස්කොලවලම ග්‍රන්ථාරූඩ කිරීමටත් අදහස් කොට ඇත.

මෙම ඩිජිටල් පුස්තකාලය සහ ලේඛනාගාරය නොබෝ දිනකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර දැනටමත් එම පුස්කොල පොත් වල ඩිජිටල් පිටපත් ලබා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු දියත් කොට ඇත.