ප්‍රදේශයට ආවේනික වන පැල රෝපණය කිරීම සහ ඒවා වැඩෙන තුරු රැක බලා ගැනීම

    [bwsgooglecaptcha bwsgooglecaptcha-777]

    ප්‍රදේශයට ආවේනික වන පැල රෝපණය කිරීම සහ ඒවා වැඩෙන තුරු රැක බලා ගැනීම අප සංවිධානය විසින් ස්වභාවයෙන් ප්‍රදේශයට ආවේනික, අඹ, දඹ, නා, මා දන්, මී, කුඹුක්, කට කෑල, දමින්න, අරළු, බුළු නෙල්ලි, ඇටි කෙහෙල්, කටු අනෝදා, ලෝලු, තිඹිරි, සපු යනාදී වන පැල රෝපණය කර ඒවා වැවෙන තුරු රැක බලා ගැනීම සදහා වැඩ පිළිවෙලක් සකස් කොට ඇත. මෙයත් ප්‍රදේශයේ පරිසරය සහ ස්වභාවධර්මය සුවපත් කිරීමේ තවත් එක වෑයමකි.

    ඒ සදහා මේ ප්‍රදේශයට ගැලපෙන වන පැල ලබා දීමට හැකි අය, ඒවා ආරක්ෂා වන පරිදි වටේට ආවරණ කොටුවක් තැනීම සදහා රීප්ප පටි, වතුර දැමීමට අවශ්‍ය කරන මැටි කල (අප කිසිදු ප්ලාස්ටික් භාජන භාවිතා නොකරන බව කරුණාවෙන් සලකන්න) ලබා දීමට හැකි අය ඒවා ලබාදීමෙන්, මහපොළොව සහ සොභාදහම සනසන මේ මහා සත් ක්‍රියාවට දායක වන මෙන් මෙත් සිතින් යුතුව ඉල්ලමු.

    විදේශ රටවල සිටින අයට ඉහත, වන පැල, උපකරණ සහ දැව දඩු සදහා මුදලින්ද ආධාර කල හැක.
    තවද ස්වෙච්චාවෙන් තම ශ්‍රමය සැපයීමට හැකි අයටද මේ සදහා ආරාධානා කරමු.

    බැංකු විස්තර

    Account Name ARIYAKAMMATTANA
    Account Number 100300009458
    Bank Name NATIONS TRUST BANK PLC
    Branch Name THALAWATHUGODA
    Branch Address 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA
    Branch Code 030
    Bank Code 7162
    SWIFT Code NTBCLKLX
    Scroll Up