“තුනිසිය හැටපස් දවසේ දන්සැල” මේ පුණ්‍ය භුමියේ පවත්වන තවත් විශේෂ සේවාවකි. මෙය මේ ස්ථානයට පැමිණෙන භාවනා යෝගින්ට, ප්‍රදේශයේ ගැමියන් ඇතුළු සියලු දරුවන් යනාදී ඕනෑම අයකුට උදේ සහ දවල් අහාරය දිනපතා දන් දෙන, වසරේ 365 දවසේම නොකඩවා පවත්වන දන්සැලකි. කුස ගින්න ඇති ඕනෑම ගැමියකුට, හෝ ගමේ දරුවකුට මෙන්ම මේ ස්ථානය වන්දනා මාන කරන්නට පැමිණෙන සියලු දෙනාටම ජාති, ආගම්. කුල මල යනාදී කිසිදු බේදයකින් තොරව මේ
දන්සැලෙන් තම කුස ගින්න නිවා ගැනීමට හැක.
මෙහි සැකසෙන සියලු අහාර සම්පුර්ණයෙන්ම එළවලු ශාඛ කොටස් වලින් පමණක් භාවිතා කෙරේ. තවද මෙහි තේ, කෝපි වැනි දේ භවිතා නොකරන අතර ඒ වෙනුවට බෙලිමල්, රණවරා වැනි දේශීය පාන පමණක් භාවිතා කරනු ලබයි.
මේ දන්සැල පවත්වා ගෙන යාම සදහා දිනකට රුපියල් 25 000, පමණ වැය වේ. කෙනෙකුගේ කුස ගින්න නිවන මේ මහා සත් කාර්යයට දායක වීමට කැමති ඕනෑම අයකුට දිනක් හෝ දින කීපයක් වෙන්කරගෙන මේ මහා කුසල කර්මයට දායක විය හැක. විදේශ රටවල සිටින අයටද මේ මහා පින්කමට දායක විය හැක.
තවද ඔබගේ දු දරුවන්ගේ හෝ ආදරනීයන්ගේ උපන් දිනය වෙනුවෙන් හෝ මියගිය අයකු සිහි වීම සදහා ඔබ විසින් වෙන් කරගන්නා දිනයේ ඔබ සහ පව්ලේ අය පෞදගලිකවම මෙහි පැමිණ, පැමිණෙන සියලු දෙනාට ඔබ විසින්ම දන් දීම කල හැක.
ඔබගේ මිය ගිය මව්, පියවරු දු දරු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදනා කිරීමටත් මෙනම මේ අනන්ත වූ සංසාරේ ඔබ ණය ගෙවීමට ඇති සියලු දෙනාට ඔබ මේ කරන පින් වලින් වන්දි ගෙවා එවැනි සියලු සාසාර ණය ගනුදෙනු වලින් මිදීමටත් මෙය අවස්තාවක් කර ගත හැක.
මෙහි ඇති කැලන්ඩරන් ඔබට අවශ්‍ය දින වෙන් කරගෙන, ඔබගේ අධාර මුදල අපගේ බැංකු ගිණුමට බැර කර, මෙහි ඇති පෝරමය පුරවා, මුදල් තැන්පත් කරන ලද රිසිට් පත් පිටපත පෝරමයට අමුනා අප වෙත ඉදිරිපත් කරන්න.
බැංකු විස්තර
Account Name | ARIYAKAMMATTANA |
Account Number | 100300009458 |
Bank Name | NATIONS TRUST BANK PLC |
Branch Name | THALAWATHUGODA |
Branch Address | 245/2 PANNIPITIYA ROAD,THALAWATHUGODA |
Branch Code | 030 |
Bank Code | 7162 |
SWIFT Code | NTBCLKLX |